ධීවරයින් 78ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ධීවර පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයින් 78 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින් සැකකරුවන් සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ඒ සමග අදාළ ධීවරයින් සමගින් ඩිංගි යාත්‍රා 35ක් සහ බහුදින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධි ධීවර ආම්පන්න හා පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදීම සම්බන්ධයෙන් සැකකරුවන් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය ආශ්‍රිත වෙරළ හා මුහුදු ප්‍රදේශවල සහ යාපනය සහ ගිනිකොන නාවික විධානය මඟින් කරෙයිතිව් සිට නින්දවූර් දක්වා මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදී ඇති බවද නාවික හමුදාව සදහන් කළේය.