මූණටම කියන චාමර රනිල් නොකළ එක දෙයක් ගැන කියයි

Report

ඊයේ දින එක්සත් ජාතික පක්ෂ 79 වෙනි සංවත්සරය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ අමාත්‍ය චාමර සම්පත් මහතා රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව ප්‍රකාශයක් සිදු කළේය.

ඒ අනුව රනිල් රට වෙනුවෙන් නොකළේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නැති එක විතරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය අමතමින් ඊයේ (20) පැවසීය.

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල

මෙහිදී,

"එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක ඡන්දෙ තිබිලත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්ත පක්ෂයක්.මේ පක්ෂය වැටෙන්නේ නෑ. වට්ටන්නත් බෑ.මම ආදරේ කරන්නේ මේ පක්ෂයට නෙමෙයි.රනිල්ට.එතුමා හැදුවා.දැන් රනිල් මොනවද කලේ අහනවා.ඔබතුමා එක දෙයක් කළේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නෑ. ඒක විතරයි ඔබතුමා නොකළේ.මේ ආණ්ඩුවට අතට දීපු බත් එක කටට දාගන්න තේරෙන්නේ නෑ. ඒක නිසා ඉස්සෙල්ලම සජබ-එජාප එකතු වෙන්න.එකතු වෙලා අපටත් කතා කරන්න යනුවෙන්ද චාමර සම්පත් මහතා කීය.

ගිගුරුම් සහිත වැසි සමග අද කාලගුණය

ගිගුරුම් සහිත වැසි සමග අද කාලගුණය