මේ වසරේ ගත වූ කාලයට වෙඩි තැබීම් 66ක්

Sri Lanka Police Death Gun Shooting Sinhala news
By Hashini Jul 12, 2025 08:05 AM GMT
Hashini

Hashini

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පසුගිය ජනවාරි 1 වැනිදා සිට ඊයේ ( ජූලි 11) දින දක්වා වෙඩි තැබීම් 66 ක් සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීම්වලින් 37 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් අතර 48ක් සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

පානදුර පොලිස් කොට්ඨාසය තුළ පමණක් ගෙවුණු මාස දෙකහමාර තුළ පානදුර දකුණ සහ හිරණ පොලිස් වසම්වල වෙඩි තැබීම් 5ක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (11) අලුයමද පානදුර මාලමුල්ල මංඩාවෙල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ඉන් 32 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා තිබුණා. 

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

ReeCha