ජගත් මනුවර්ණට පාර්ලිමේන්තුවේ සභාපති තනතුරක්

Report

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් තේරී පත් විය.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

මෙය සිදුවූයේ අදාල සංසදයේ ප්‍රථම සහ සමාරම්භක රැස්වීමේදීය. මෙම අවස්ථාවේදී මනුවර්ණ මහතාගේ නම සභාපති ධූරය සඳහා යෝජනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා විසිනි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එම යෝජනාව සනාථ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතායි. අදාළ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පත්කිරීම්ද සිදු විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඒ අනුව, රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි යන මන්ත්‍රීවරුන් සංසදයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස තෝරා පත් විය.

මෙම පූර්ව සභාපති පත්කිරීම් සම්පුර්ණ වූ පසු, කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ සංසදයේ ඉදිරි වැඩසටහන් සමාලෝචනය කිරීම සඳහා එළඹෙන ජූලි 22 වනදා නැවත රැස්වීමට තීරණය කර තිබේ.