පලාගිය පාතාල සහ මත්ජාවාරම්කරුවන් 66ක් මෙරටට – රුපියල් මිලියන 6000ක දේපළ තහනම් කෙරෙයි
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වී තිබියදී විදේශයන්ට පලා ගොස් සිටි ප්‍රබල පාතාල සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 66 දෙනෙකු 2024 සැප්තැම්බර් 21 වනදා සිට මේ දක්වා කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
මෙම සැකකරුවන් ඇතුළුව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන 113කට අදාළව, නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 6,000ක (කෝටි 600ක) අධික දේපළ තහනම් කිරීමට ද විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.
තහනම් කරන ලද දේපළ අතුරින් රුපියල් මිලියන 5,423ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙදෙනෙකුට අයත් වන අතර, සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක දේපළ ද ඊට ඇතුළත් වේ.
මීට අමතරව පිරමීඩ ජාවාරම්, ළමා අපයෝජන සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක දේපළ ද තහනමට ලක්වූ දේපළ අතර වන බව වාර්තා වේ.