පොල් ගැන ආපු සුබ ආරංචිය එක්කම රතු එළියකුත් පත්තු වෙයි - රටම බියෙන්
පවතින වියළි කාලගුණය හේතුවෙන් ලබන වසර තුළ පොල් පලදාවට බලපෑම එල්ලවිය හැකි බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ, ඉදිරි මාස කිහිපයේදී වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම් තවදුරටත් එල්ල වුවහොත් මෙම තත්ත්වය උත්සන්න වනු ඇති බවයි.
එසේ වුවත් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේදී 11%කින් පොල් පලදාවේ වර්ධනයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර මින් පෙර වාර්තා වූයේ ලබන වසර වන විට පොල් අක්කර හතලිස් දහසක් වගා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා ප්‍රකාශ කර ඇති බවයි.
ඔහු මේ බව කියා තිබුණේ පොල් දෙසතිය වැඩසටහන සමගාමීව ගලිගමුව කොට්ඨාසයේ සමාරම්භක වැඩසටහන එක්වෙමින්.