ලංකාවේ පැත්තක්ම ගිනියම් වෙයි - දිස්ත්‍රික්ක රැසකට සූදානම් වන මෙන් දන්වා නිවේදනයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙසේ ඉහළ යා හැකි බවයි.
මේ අතර, දෘෂ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීම හේතුවෙන් අද දහවල් 12:11ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.