සියල්ල කම්පා කරමින් නේපාලයේ මරණ සංඛ්‍යාව ඉහළට
හිමාල කඳුවැටියේ පිහිටි ප්‍රධාන ග්ලැසියරයක කොටසක් හදිසියේ කඩාවැටීම හේතුවෙන් නේපාලයේ හටගත් දැවැන්ත ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ.
නේපාල පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම අනපේක්ෂිත ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් මේ වන විට තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 626 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
තවද, අවම වශයෙන් පුද්ගලයින් 1,924 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය නිල වශයෙන් වාර්තා කර ඇත. ග්ලැසියරය කඩාවැටීමත් සමඟ ඇති වූ විනාශකාරී පස් සහ ජල පහරට පහත් බිම්වල පිහිටි ගම්මාන රැසක් යටවී ගොස් ඇති අතර, දැඩි ලෙස හානියට පත් වූ ප්‍රදේශවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා නේපාල හමුදාව සහ සහන කණ්ඩායම් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියි.
අතුරුදහන් වූවන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බිය පළකෙරේ.