ශ්‍රී ලාංකිකයන් 62ක් කුවේටයෙන් නෙරපයි.
By Wayomi
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු කුවේටයේ සිට මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ, කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටිම හේතුවෙන්.
එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා ඔවුන්ව මෙරටට පිටුවහල් කරනු ලැබුවා.
මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් වනවා.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියේ, ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් , විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවයි.