පොලීසිය ඉස්සරහ තිබ්බ හෝටලය කඩා වැටී සිසුන් 6ක්.. අඩි 15ක් බෑවුමට පෙරලිලා ගිහින්..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Latest Headlines
Decision Making
By krishani
අද (18) උදෑසන ගිනිගත්හේන නගරයේ ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැලකට ආහාර ලබා ගැනීමට සදහා සිසුන් හය දෙනෙකු ගොස් තිබෙනවා.
එහිදී, එහි තිබූ ලී පොලව කඩා වැටී අනතුරක් සිදුව ඇත.
එම අනතුරට ලක් වූයේ එම ප්‍රදේශයේ 10 වැනි ශ්‍රේණියේ විදුහලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වේ.
සිසුන් එම හෝටලේ බිම්මහල තුළ රැඳී සිටිය දී මෙලෙස ලී පොළොව කඩා වැටී ඇත්තේ.
එමෙන්ම, ඒත් සමග මෙම සිසුන් පිරිස අඩි 15ක පමණ බෑවුමකට පෙරළී ඇති බව සදහන් වේ.
ඒ අනුව වහා සිසුන් පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ හෝටලය මේ වන විට වසා දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගිනිගත්හේන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
You May Like This Video👇
