අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ගත් තීරණය.. අංශ කිහිපයක් යටතේ වැඩේ වෙන්නේ..
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
ඒ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ය.
එහි පළමු අදියර 2025 – 2027 වර්ෂ තුළ ක්‍රියාත්මක කරනු ලබනු ඇත.
මෙම අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරනු ඇත.
මේ වන විට, ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් හා සහය ආයතනවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ දීප ව්‍යාප්තව ය.
කෙසේ වෙතත්, මූලික අදියර යටතේ තෝරාගත් ග්‍රාම නිලධාරි වසමකින් පවුල් 50 ක් බැගින් සවිබල ගැන්වීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.
You May Like This Video👇