අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.40AM]
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රමුඛ උපදේශකයෙකු වන හොසේන් ෂරියත්මදාරි, එක්සත් ජනපද නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමටත්, ලෝකයේ ප්‍රධාන තෙල් නැව් මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමටත් ඉල්ලා ඇත.
දැඩි මතධාරී කයිහාන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන ෂරියත්මදාරි, තමන් උත්තරීතර නායකයාගේ “නියෝජිතයා” ලෙස හඳුන්වා ගනිමින්, “ෆෝඩෝව් න්‍යෂ්ටික ස්ථාපනයට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු, දැන් අපගේ වාරයයි,” යි අනතුරු ඇඟවීය.
කයිහාන් පුවත්පතේ ටෙලිග්‍රෑම් පණිවිඩයක ෂරියත්මදාරි මෙසේ උපුටා දැක්විණි:
“පැකිලීමකින් හෝ ප්‍රමාදයකින් තොරව, පළමු පියවර ලෙස බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික බලඇණියට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුය. ඒ සමඟම, ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු, සහ ප්‍රංශ නැව්ගත කිරීම් සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමිය යුතුය.” ඔහුගේ පණිවිඩය කුරානයේ උපුටා දැක්වීමකින් අවසන් වූ අතර, එහි “ඔබ ඔවුන් අභිබවා යන ඕනෑම තැනක ඔවුන් මරා දමන්න,” යනුවෙන් සඳහන් විය.
එක්සත් ජනපදය විසින් ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස්, සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙම තත්ත්වය ඉරාන-ඊශ්‍රායල අර්බුදයේ තවත් උත්සන්න අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ඉරානයේ ඉදිරි ප්‍රතිචාර මධ්‍යම පෙරදිග කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ නංවනු ඇතැයි විශ්ලේෂකයෝ අනතුරු ඇඟවති.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
සටනට එක්වන හූතිවරු අනතුරු අගවන යේමනය (8.40 a.m.)
යෙමන්යේ දේශපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වූ හෙසාම් අල්-අසාද් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ කෙටි පණිවුඩයකින් ඇමරිකාවට දැඩි අවවාදයක් ලබාදී තිබේ.
“වොෂිංටනය තම ක්‍රියාවන් සඳහා ඇති ප්‍රතිවිපාක භාර ගත යුතුය,” යැයි ඔහු සඳහන් කරයි.
මෙය, ඇමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, මධ්‍යපෙරදිග තුළ උණුසුම් තත්ත්වයක් පවතින මොහොතේදී නිකුත් වූ අනතුරක් ලෙස සැලකේ.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබේ තීරණය ඉතිහාසය වෙනස් කරයි නෙතන්යාහුගෙන් ට්‍රම්ප්ට සුභපැතුම් (8.20 a.m.)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බැන්ජමින් නෙතන්යාහු මහතා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ප්‍රශංසා පිරුණු වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඉරානයට එල්ල කළ ප්‍රහාරය "ඉතිහාසය වෙනස් කරන" තීරණයක් ලෙස හැඳින්වීය.
“ජනාධිපති ට්‍රම්ප් මහතාට සුබ පැතුම්. එක්සත් ජනපදයේ විශාල බලයෙන් සහ ධර්මික බලයෙන් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කරමින් ගත් ඔබේ දිරිය තීරණය ඉතිහාසය වෙනස් කරයි,” නෙතන්යාහු පවසයි.
ඔහු සදහන් කළේ, "Operation Rising Lion" යන නාමයෙන් විසින් සිදු කළ මෙහෙයුමක් තුළ විශිෂ්ට කාර්යයන් ඉටු කළද, රාත්‍රියේ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වලට එල්ල කළ ක්‍රියාවලිය කිසිදු රටක් කළ නොහැකි කාර්යයක් බවයි.
“ඉතිහාසය වාර්තා කරනුයේ, ලෝකයේ න්‍යෂ්ටික අවි ලබා ගැනීමට උත්සාහ කරන ලෝකයේ අති අවිහින්සක ආණ්ඩුවකට එරෙහිව ක්‍රියා කළ ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් මහතා බවයි,” යැයිද ඔහු අවසන් වශයෙන් පවසයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට බෝම්බ ප්‍රහාර – ඊශ්‍රායලය සමඟ ඇමරිකාවද එක්වෙයි (7.36 a.m.)
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස්, සහ ඉස්ෆහාන් හි පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු හමුදා “ඉතා සාර්ථක” ප්‍රහාර එල්ල කර ඇති බවත්, සියලුම ඇමරිකානු ගුවන් යානා මේ වන විට ඉරාන ගුවන් සීමාවෙන් ඉවත්ව ආරක්ෂිතව බැහැරව ඇති බවත්ය. මෙම ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව එල්ල කරන ලද බරපතළ ප්‍රහාරයක් ලෙස සැලකේ.
රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.
අමෙරිකානු B-2 රහසිගත බෝම්බ හෙලන යානා අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට ඊයේ (21) වාර්තා වූ අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකට එය සම්බන්ධ විය හැකි බවටද අනුමාන මතු විය.
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත්ය. මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

