සය දරුවන් නිවෙස් වලට යන වෙලාවේ අගමැති අර්යාව සමග උත්සවයක් (PHOTOS)

By Sithumi Nov 20, 2021 05:14 PM GMT
Sithumi

Sithumi

Report

නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස 21 වෙනිදා එකවර උපත ලැබූ දරුවන් හයදෙනා සහ මව මාසයකට ආසන්න කාලයක් එම රෝහලේම රැඳී සිටිමින් ප්‍රතිකාර ලබා සියල්ල නිරෝගී බවට සහතික වෙමින් අද 20 දින රෝහලෙන් දරුවන් තිදෙනෙකු සමග මව පිටව ගිය අතර අනෙක් දරුවන් තිදෙනා තවදුරටත් රෝහලේ රැඳී සිටී. එම අවස්ථාවේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ කැඳවා රෝහල උත්සවයක්ද සංවිධානය කර තිබුණි. 

දරුවන්ට අවශ්‍ය විවිධ දෑ ලබාදීම සඳහා අනුග්‍රාහකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුහු තෑගි බෝග ලබාදුන්හ. අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග (35) මෙම දරුවන්ගේ දෙමාපියන් වන අතර ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සිසේරියන් සැත්කම භාර ප්‍රධාන වෛද්‍යවරයා විය.


GalleryGalleryGalleryGalleryGallery