රු 5,000 දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ - ලැබෙන අය මෙන්න..(VIDEO)

By Sewvandhi Sep 20, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකිය.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ. එමඟින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවය.

එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකි බවත් දන්වා තිබේ. අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වන විට නිකුත් කිරීමටත් ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha