වහාම ක්‍රියාත්මක වන පරිදි දින 50ක් වසා දැමීමට තීරණය කළ දේ.

Sri Lanka Sapugaskanda widuli balagaraya
By Aruna Nov 15, 2021 09:42 AM GMT
Aruna

Aruna

Report

දින 50ක කාලයක් සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවවසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීමයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණු අතර, බොරතෙල් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන්, මෙතරම් දීර්ඝ කලකට වසා දැමෙන්නේ, පළමුවරටයි.

මීට පෙර 2007 වසරේදී පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබුණා.

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුව උපරිම වශයෙන් දින 50ක කාලයක් වසා දැමීමට සිදුවන බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ දැන් (15) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදේශ විනිමය අර්බුදය විසඳා ගත් වහාම බොර තෙල් ආනයනය සමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now