ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් 5ක් මරුට

Report

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49870ක්.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය දැනුම් දෙන්නේ පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙසයි. 

ගමේ ගිය අයට එන්න විශේෂ දුම්රිය සේවා

ගමේ ගිය අයට එන්න විශේෂ දුම්රිය සේවා