13 හැවිරිදි දැරියව අපයෝජනය කළ තවත් සිව් දෙනෙක්

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 16, 2021 11:19 AM GMT
Report

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පුද්ගලයින් 10 දෙනෙකු 13 හැවිරිදි දැරියව අපයෝජනය කළ බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා අද නාවලපිටිය පොලීසියේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ තිබුණි. 

 නාවලපිටිය පොලීසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක ලක්ෂිණි නිමන්ති පෙරේරා මහත්මිය පවසා සිටියේ දැරිය පෙන්වූ ස්ථාන ඇය පදිංචිව සිටින නිවසට යාබදව පිහිටා ඇති බවය.

මේ අතර දැරිය අපයෝජනය කළ බව කියන ඇයගේ පියා, 32 හැවිරිදි පෙම්වතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු නාවලපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන අනෙකුත් සැකකරුවන් 4දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.