මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක්

Report

ඉදිරි පැය 36දී උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වාර්තා වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

හිස් ඉඩමකින් ගිනි අවියක් මතුවෙයි - කරපු දේ CCTV කැමරාවේ

හිස් ඉඩමකින් ගිනි අවියක් මතුවෙයි - කරපු දේ CCTV කැමරාවේ