හිස් ඉඩමකින් ගිනි අවියක් මතුවෙයි - කරපු දේ CCTV කැමරාවේ

Report

කොළඹ 14, ශාන්ත ජෝසප් වීදිය ප්‍රදේශයේ හිස් ඉඩමක තිබූ ටි 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 27 ක් සහ මැගසිනයක් සමඟ 67 හැවිරිදි සැකකරුවෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගිනි අවියේ අංක ද මකා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාරට ලද තොරතුරකට මෙම ගිනි අවිය සහ මැගසිනය සමග ජීව උණ්ඩ 24 ක් හා ඊට අමතර තවත් ජීව උණ්ඩ 03 ක් එම ස්ථානයේ තිබී සොයාගැනීමට හැකි වී තිබේ.

ප්‍රදර්ශන පුවරුව යට භයානක ආයුධයක් - පාතාලේ වැඩක්ද සැකයක්

ප්‍රදර්ශන පුවරුව යට භයානක ආයුධයක් - පාතාලේ වැඩක්ද සැකයක්

එම ගිනි අවිය සහ ජීව උණ්ඩ සැකකරු සිය නිවස පිහිටි ඉඩමේ සිට යාබද හිස් ඉඩමකට විසිකරන අයුරු දැක්වෙන දර්ශන සීසීටීවී කැමරාවකජද සටහන්ව තිබෙන බවත්, එම දර්ශන විමර්ශන කටයුතු කිරීම සඳහා සි ඩි තැටියකට ලබා ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරුට මෙම ගිනි අවිය කිනම් සංවිධානාත්මක කණ්ඩායමකින් ලැබුණාද ? මෙය ආරක්ෂක අංශයට අයත් එකක් ද යන්න වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත වේ.

ඊට අමතරව රජයේ රස පරීක්ෂක වෙත ද ගිනි අවිය යොමු කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ. සැකකරුගෙන් ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක කාලයකට රැඳයුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. අත්අඩංගුවට ගත් සැකකරු 67 හැවිරිදි පුද්ගලයෙක් බව සදහන්.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්