පිරිමි දරුවකු අපයෝජනය කළ කතක් දෙදෙනෙකු හසු වෙයි.

Crime police Sri lanka kandy
By Sithumi Jun 29, 2021 10:11 AM GMT
Report

මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන රස කැවිලි නිෂ්පාදන ආයතනය සේවිකාවක සහ එහි හිමිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෘත්තීය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරව කන්ද ප‍්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිව් දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මෙම කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකි බැවින් එම ස්ථානයෙන් පිරිමි ළමුන් තිදෙනකු පැනගොස් ඇති බවත් එක් ළමයකු එම ආයතනයේ කාමයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමාපියන් මහනුවර පොලීසියට කරන ලද පැමිණීල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත.

You may like this video