සමහර රජයේ සේවකයන්ගේ පැටිකිරිය මෙහෙමයි.. වසරේ ගෙවුණු මාස 9 ඇතුලත මෙහෙම නම්..

Sri Lanka Police Sri Lanka Bribery Commission Sri Lanka
By Piyumika Oct 22, 2024 04:52 AM GMT
Piyumika

Piyumika

Report

‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්මපා මෙහෙමත් OIC ලා..මේ වගේ වැඩත් කරනවනේ ඉතින්..

අම්මපා මෙහෙමත් OIC ලා..මේ වගේ වැඩත් කරනවනේ ඉතින්..

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්ය.

ඊට අමතරව සිවිල් පුද්ගලයින් 22කු අදාළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පුද්ගලයින් 68 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම කාලය තුළ නඩු 56ක් අවසන් කිරීමට ද පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එකම නගරයේ එකම දවසේ ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක්..

එකම නගරයේ එකම දවසේ ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක්..

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු 237ක් තවදුරටත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර විත්තිකරුවන් 19 දෙනෙකු මේ වසරේ ගතවූ කාලය තුළ වරදකරුවන් බවට පත්වී ඇති බව සඳහන්ය.