රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක් [VIDEO]

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Udaya Gammanpila Latest Headlines Sinhala news
By Kaushi Aug 23, 2025 10:42 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාට ද එල්ල වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ අදහස් පළ කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමක වීඩියෝවක් නිකුත් කරමින්. ඒ අනුව ඔහු දක්වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ඉකුත් දා සිදු කළ ජර්මානු සංචාරය මහජන මුදල් අවභාවිතයක් බවට පැහැදිලි සාක්ෂි පවතින බව වාර්තා වේ.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

ඒ අනුව ඔහු සඳහන් කළේ ජර්මනියේ බලයලත් තනතුර ජර්මානු චාන්සලර්වරයා වුවද ජනාධිපතිවරයා ඔහු හමු වී නැති බවයි.

එසේම තීන්දු ගැනීමේ බලතල නොමැති ජර්මානු ජනාධිපතිවරයා හමු වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවත් ඔහු පවසයි.

තවද එම සංචාරයේ දී ජනාධිපතිවරයා හමු වූ එකම බලයලත් පුද්ගලයා ජර්මානු විදේශ අමාත්‍යවරයා බවත්, විදේශ අමාත්‍යවරයකු හමු වීමට මෙරට ජනාධිපතිවරයා යාම අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කරයි.

ලෙඩ වුණ රනිල් කොළඹ ජාතික රෝහලට මරු කරයි

ලෙඩ වුණ රනිල් කොළඹ ජාතික රෝහලට මරු කරයි

එබැවින් ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කර ඇත්තේ පුද්ගලික කටයුත්තක් සඳහා මහජන මුදල් යොදවමින් බවට ගම්මන්පිල මහතා චෝදනා එල්ල කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන විට ඇයගේ සුවදුක් බැලීමට රාජ්‍ය වාහන හා ආරක්ෂක කාර්ය මණ්ඩලය යොදා ගැනීම ද මහජන මුදල් අවභාවිතයක් බව ගම්මන්පිල චෝදනා නගයි.

තත්ත්වය එසේ වුවද වර්තමාන ජනාධිපතිවරයාට පවතින මුක්තිය නිසා මෙම චෝදනා සම්බන්ධයෙන් මේ මොහොතේ නඩු පැවරිය නොහැකි බවත්, ධූරයෙන් ඉවත් වූ පසු ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා ඇත.  

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්