මාලිමා ආණ්ඩුවෙන්, කොළඹ ලෝක වාර්තාවක් තියන්න යන්නේ - දැවැන්ත ව්‍යාපෘතියක්

Report

රජය විසින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට නියමිත ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කොළඹ වරාය නගරයේ වසර 25ක කාලයක් සඳහා සම්පූර්ණ බදු නිදහසක් ලබාදී ඇත.

රෝහිත දුව බෑනා පවුල් පිටින් හැංගිලාද?

රෝහිත දුව බෑනා පවුල් පිටින් හැංගිලාද?

Clothespin Management and Development (Private) Limited ආයතනය විසින්, ගිනස් වාර්තාවකට එක්වීමේ අරමුණින්, ලෝකයේ උසම සහ විශාලතම කලාගාරය ඉදිකිරීමටත්, මීටර් 15ක් උස දැවැන්ත "බිග් බෙන්" සමාන ඔරලෝසුවක් ගොඩනඟා වරාය නගරයේ නව සංචාරක ආකර්ෂණයක් සකස් කිරීමටත් සැලසුම් කර ඇත.

මෙම යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙස 2025 ජූලි 14 දින නිකුත් විය. Clothespin Towers ලෙස හැඳින්වෙන මෙය, වරාය නගරයේ වර්ග මීටර් 24,324ක භූමියක ඉදිකෙරෙන ද්විත්ව ගගුල් ව්‍යාපෘතියකි.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

එහි අන්තර්ගත වන්නේ අධි සුඛෝපභෝගී නිවාස, තරු 7ක හෝටලයක්, උසස් තත්ත්වයේ අවන්හල් සහ සිල්ලර වෙළෙඳසැල්, කුලියට ලබාදෙන කාර්යාල, ඉන්ෆිනිටි පිහිනුම් තටාක සහ සුවතා මධ්‍යස්ථාන ආදියයි.

ඊට අමතරව, LEED රන් සහතිකය සපුරාලන පරිදි සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය තුළ පරිසර හිතකාමී ගොඩනැගිලි පද්ධතියක්, බලශක්ති සුරැකුම් යටිතල ව්‍යුහයක්, සූර්ය බලශක්තිය, වැසි ජල රැස් කිරීමේ ක්‍රම සහ ස්වයංක්‍රීය දේශගුණ පාලන තාක්ෂණය ඒකාබද්ධ කර ඇත.