වසරකට 22,000 ජීවිත සොරාගන්නා මාරයා ගැන අනාවරණයක්
දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙම මධ්‍යස්ථානයේ වාර්තා අනුව, මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් වන අතර, දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම් සාධක 4ක් අතර එකක් බවයි. වැඩිහිටි ජනගහනයෙන් මිලියන 1.5ක් පමණ දුම්පානයට ඇබ්බැහි වී ඇති බවද සඳහන් වේ.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කියා සිටියේ, ලෝකයේ සෑම තත්ත්පර 6කටම වරක් දුම්කොළ භාවිතය හේතුවෙන් මරණයක් වාර්තා වන බවයි.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දුම්කොළ පාලන උත්සාහයන්ට දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් බලපාන බවද ප්‍රකාශ කළේය.
එම මාධ්‍ය හමුවේ එක්වූ වෛද්‍ය සජීව රණවීර මහතා සඳහන් කළේ, 2021 වසරෙන් පසු දුම්වැටි සඳහා අය කරන බදු අඩුවීමක් සිදු වූ බවයි.