“..එයා මැරෙනකොටත් කන්‍යාවියක්.. මම ඒ රෙකෝඩින්ස් ඔක්කොම මගේ ෆෝන් එකට දා ගත්තා..” 21 හැවිරිදි තරුණියගේ මරණයේ අභිරහස විසඳුණු හැටි - පෙම්වතා පොලිසියට කියපු ඇඟ හිරිවැටෙන කතාව මෙන්න(VIDEO)

MANNARAMA KEERTHANA NAVAKKULIYA
By Sewvandhi Nov 26, 2021 02:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙම සිදුවීම වාර්තා වන්නේ මන්නාරම ප්‍රදේශයෙන්. එය හුදෙක් පෙම් පළහිලව්වක් නිසා වුණු දිවි නසා ගැනීමක්. එහෙත් ඇතැම් තැනෙක ප්‍රචාරය වූයේ පෙම්වතා අතින් සිදුවූ ඝාතනයක් ලෙසයි. එහෙත් මේ ගැන මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙය සිය දිවි හානි කරගැනීමක් බවයි. එවැන්නක් සඳහා ඇගේ අනියම් සම්බන්ධ කිහිපයක් හේතු වී ඇති බව ද අනාවරණ වී තිබෙනවා.

නාවක්කුලිය දකුණ, කයිතඩි, චාවකච්චේරි හි පදිංචි කීර්තනා වයස අවුරුදු 21ක ඇගළුම් සේවිකාවක්. ගම යාපනය වුවත් ඇගේ රැකියා ස්ථානය තිබුණේ මන්නාරමේ.. එහෙයින් ඇයට මන්නාරම් නතර වීමට සිදුවුණා. ඊට ද ඇයට වැඩිවෙහෙසක් ගැනීමට සිදුවූයේ නැහැ. ඒ ඇයගේ පුංචි අම්මා මන්නාරම පදිංචි නිසයි. ඇයට පෙම්වතෙකුත් සිටියා. ඔහුද ඇයගේ ගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පාසල් සමයේ සිට මේ දෙන්නා දැන අඳුනන අතර මේ සම්බන්ධයට වැඩිහිටියන්ගේ බාධා එල්ල වුයේ ද නැහැ. ටික කලකට කළින් පෙම්වතා විදෙස් ගත වුණා. පසුව ඔහු මෙරටට පැමිණි අතර ඒ අතරත් සම්බන්ධය පැවතුණා. කීර්තිනා මන්නාරම් යන්නේ මේ කාලයේ දී යි. පසුගිය 11 වැනිදා උදේ කීර්තිනා පුංචි අම්මාගේ නිවසින් පිට වන්නේ රැකියාවට යන බව කියමිනුයි. එහෙත් ඇය පෙර පරිදි නිසි වෙලාවට නිවසට ආවේ නෑ. එදින සවස මන්නාර පොලිසියට තොරතුරක් ලැබුණා.

ඒ මසුන් මරන්නෙකුගෙන්. ඒ තමන් කලපුවේ මසුන් අල්ලමින් සිටියදී යමක් දියට වැටෙන් විශාල ශබ්දයක් ඇසුණ බවත් ඒ දෙස හැරී බලද්දි සර්වාලයක් හැඳගත් කාන්තාවක් කලපුවට පැන්න බවත්, ඇය දෙතුන් වතාවක් උඩට එමින් යට යමින් පසුව වතුරේ අතුරුදහන් වූ බවයි.

මොහු පොලිසියට පැමිණීමට පෙර මේ සිද්ධිය කලපුව අසළ පිහිටි නාවික හමුදා කඳවුරටත් දැනුම් දී තිබුණා. පසුව කොතරම් සෝදිසි කළත් මළසිරුරක් හෝ වෙන යම් හෝඩුවාවක්වත් ලැබුණේ නැහැ. පසුදා එනම් 12 වැනිදා උදාවුණා. අනතුරුව 13 වැනිදාත් උදාවුණා. එදින උදේ මන්නාරම පොලිසියට ඇමතුමක් ලැබුණා.

ඒ, වැසි වතුර කලපුවට ගලා යන ස්ථානයේ කාන්තා මළසිරුරක් දකින්නට ලැබෙන බවයි. ස්ථානාධිපතිවරායගේ මතකයට නැඟුණේ මීට දින දෙකකට පෙර ලැබුණු ඇමතුමයි. "සර්.. මේ ගෑනු ළමයා තමයි එදා පාලමෙන් පැන්නේ. මේ ඇඳුම් මට හොඳට මතකයි.." එදා කියූ මසුන් මරන්නා සහතික කළා. සිරුර බෙහෙවින් නරක් වී තිබුණා. හඳුනා ගැනීමට ද එතරම් පහසු නැහැ. ඇය කවුද යන්න පවා සොයා ගැනීම අපහසු වූයේ ඇගේ සන්තකයේ කිසිවක් නොවූ නිසයි.

අවසානයේ ඇඟලුම් කම්හලේ සහය පැතීමට ද පොලිසියට සිදුවුණා. "මේ යාපනයෙන් ඇවිත් මෙහේ වැඩ කරපු කීර්තනා.." "එයා ඊයේ වැඩට ආවේ නෑ. ඊට කලින් දවසේ එයා වේලාසනින් ගියා. එයාගේ බෝයි ෆ්‍රෙරන්ඩ් ඇවිත් කියලා. හැබැයි මෙහේ වැඩට ඇවිත් දැනට මාස දෙකයි. ඒ මාස දෙකටම පෙරේදා තමයි බෝයි ෆෙර්න්ඩ් ආවේ. ඊට කලින් ආවේ නෑ..." කම්හලේ සේවිකාවන් කිහිප දෙනෙකුම මළසිරුර හඳුනා ගැනීමත් මිය ගිය තරුණියට පෙම්වතකු සිටින බව පැවසීමත් සමඟ පොලිසියට සැක සංකා ඇතිවුණා.

කීර්තිනා ගේ පුංචි අම්මා ද පොලිසියට සාක්ෂි ලබා දුන්නා. "මෙයා හරි මුරණ්ඩුයි.. එදා වැඩට ගිහින් ආපහු ගෙදර ආවේ නෑ. මම හිතුවේ එයා වැඩ ඇරිලා එහෙමම යාපනේ එයාගේ ගෙදර යන්න ඇති කියලා. එයා වෙනදටත් ඒ වගේ මුරණ්ඩු වැඩ කරනවා. දෙයියනේ.. මම දැන් අක්කට මොකද්ද කියන්නේ.."

ඇගේ පෙම්වතා කැඳවන්නේ ඉන් අනතුරුවයි.

"සර් මමයි කීර්තනයි යාලු වෙලා ගොඩක් කල්.. මම කාලයක් රට ගිහින් හිටියා. ඒ කාලෙත් අපේ සම්බන්ධේ තිබුණා. මම එයාට ෆෝන් එකකුත් අරගෙන දුන්නා.. මෑතක ඉඳලා එයා සෑහෙන වෙනස්.."

"11 වැනිදා මම මන්නාරමට ආවේ මගේ බිස්නස් වැඩ වගයකට. ඒ ආපු ගමන් තමයි මම එයාව හම්බෙන්න ගියේ. මම කෝල් කරලා එන්න කිව්වම එයා හාෆ් ඩේ එකක් දාලා ආවා. අපි බස් ස්ටෑන්ඩ් එක ළඟ කූල් ස්පොට් එකකට ගිහින් අයිස්ක්‍රීමුත් කෑවා. ඒ අතරේ එයාට කාගෙන්ද කෝල් එකක් ආවා. එයා ඒකට ප්‍රතිචාර දක්වපු විදිහට මට සැකයක් ආවා. ඒ ගැන අහද්දි එයා මාත් එක්ක රංඩුවට ආවා. මම එයාගේ ෆෝන් එක අරන් චෙක් කළා. ඒක මම අරන් දුන්න එක නෙවෙයි. එයා ගත්ත එකක්. ඒකේ මෙයා වෙනත් කොල්ලෙක් එක්ක කතා කරපුවා වගයක් රෙකොඩ් කරගෙන තිබිලා මට අහුවුණා. පස්සෙ මම ඒ රෙකෝඩින්ස් මගේ ෆෝන් එකට දාගත්තා."

"එයයි මමයි ඒකට රණ්ඩු වුණා. මම එයාව බයික් එකේ ගිහින් දාන්නම් කිව්වම එයා කිව්වා බස් එකේ යන්නම් කියලා. එයා ගියා. මම යාපනේට ගියා. ඒ ගියාට පස්සෙ මම කෝල් කළේ නෑ. එයා ගත්තෙත් නෑ.. මම හිතුවේ එයා ගෙදර යන්නැති කියලයි.. මෙහෙම දෙයක් කරගනී කියලා දන්නවා නම් මම එයාව තනියම යවන් නෑ.." පෙම්වතා එසේ කීවේ කඳුළු සලමිනුයි.

කෙසේ වෙතත් මෙම කතාව පැතිර ගියේ පෙම්වතා විසින් ඇයව මරා දමා කලපුවට දැමූ බවටයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මෙය දිවි හානි කර ගැනීමකි. එසේම ඇය කන්‍යාවක් බවට ද තහවුරු වී තිබෙනවා. ඇගේ මරණය වතුර පෙවීම නිසා සිදුවූවක් බවත් අනාවරණය වනවා.

තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW