පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි
2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත '' පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය - 2025 (2026)" සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා ඇත. අදාල විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ ආකාරයෙන් පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු බව නිවේදනය කර ඇත.
අයදුම්පත සම්පුර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://doenets.lk වෙත පිවිස '' අපගේ සේවා" යටතේ ඇති "Piriven Exam Information Center" වෙත පිවිසිය යුතුය.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයේ සදහන් වේ. එමෙන්ම මාර්ගගත අයදුම්පත් භාරගැනීම හෙට (07) පෙ.ව.09.00ට ආරම්භ වන අතර නොවැම්බර් 28 දින ප.ව. 9.00ට අවසන් වේ.