ලංකාවම බලන් හිටපු ඒ දවස ළඟදීම - පෙට්ටි ටිකත් ’’පොලිෂ්’’ කරන්න පටන් අරන්. -කාල සීමාවන් ගැනත් ඉඟියක්.

Election Commission of Sri Lanka President of Sri lanka Election Sri Lanka Presidential Election 2024
By Wayomi Jun 17, 2024 07:11 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කරනවා.

ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙලෙස සූදානම් කරන බවද ඔහු කියා සිටියා.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා.

මේ අතර ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම සඳහන් කරන අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව රත්නායක මහතා කියා සිටින්නේ.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.


එමෙන්ම දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)