මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.

Accident Death
By Wayomi Jun 16, 2024 01:54 PM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා හදිසි අනතුරකට ලක්වී තම බලු සුරතලත් සමඟ අවසන් ගමන් ගිය සනුරි ඉසුරිකා නැමති සරසවි සිදුවිය මතකද?

මේ කියන්න යන්නේ ඇයගේ සහ තම මරණය ගැන ඇයගේ සුරතලට කලින්ම දැනිලා තිබ්බ විදිහ ගැනයි.

ඉතින් ඇයගේ පවුලේ අය මේ සම්බන්ධයෙන් එක්තරා පුවත්පතකට කරුණු දක්වා තිබුනේ එලෙසින්,

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.


ඇගේ සම්පූර්ණ නම මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකරය. ඇය උපන්නේ 1998 මැයි 14 වැනිදා කල්පිටියේය. ඇගේ මවගේ ගම කල්පිටිය විය. වයස අවුරුදු හතරේදි ඇගේ මව තීරණය කළේ තම සැමියා සම්පත්ගේ ගම වූ රඹුක්කන, උඩගලදෙණියේ පොල්අත්තාපිටිය නිවෙසට පදිංචියට එන්නටය.

සනුරි පසුගිය 7 වැනි සිකුරාදා තම නිවෙසේ වූ ත්‍රිරෝද රථය සූදානම් කළේ තමා සුරතලයට ඇති කළ ඕජෝ බල්ලාගේ කකුලට බේත් ගැනීමට යාමටය. ඊට කලින් දින අසල්වැසි යෙහෙළියකගේ විවාහ උත්සවයකට නුවර ගොස් පැමිණ සිටි සනුරිගේ පවුලේ අය හිටියේ විඩාබරවය. ත්‍රිරෝද රථය එළවගෙන යාමට භාර වූයේ සනුරිගේ බාප්පගේ පුතාවූ උදාර කෞෂල්‍යයටය. ත්‍රිරෝද රථය පණගැන්විණි. වෙනදාට ත්‍රිරෝද රථය පණගැන්වූ විට සනුරිගේ සුරතල් බල්ලා කොහේ හිටියත් ත්‍රිරෝද රථයයේ රියැදුරු අසුන ඇති ෆ්ලෝබෝඩ් එකට පැන ඉව ඇල්ලීම සිරිතය. ගමනක් යාමට ත්‍රීවීල් එකෙන් බල්ලා බස්සවා ගන්නේ ද බොහොමත් අමාරුවෙනි. ඒත් අද සුරතල් ඕජෝ ත්‍රිරෝද රථයට කතා කළත් නෑසුනාක් මෙන් සිටී.

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)


ත්‍රිරෝද රථයේ රියැදුරු අසුනින් බැසගත් සනුරිගේ ඥාති මල්ලි ඕජෝ සිටි කූඩුවට ගොස් බල්ලා ගෙනවිත් ත්‍රිරෝද රථයේ පිටුපසින් තැබුවේ බලහත්කාරයෙනි. ඒත් මල්ලි ත්‍රිරෝද රථයේ අසුනේ ඉඳගන්නටත් පෙර සුරතල් බල්ලා නැවතත් කූඩුවට වැදී එහි දැල්කූරු විකන්නට වූයේ වියරුවෙනි. එදා ඕජෝගේ හැසිරීම අමුතුය. ඒ අමුතු හැසිරීම ගැන කෞෂල්‍යට අවබෝධයක් නැත. එනිසාම කෞෂල්‍ය නැවත ඕජෝව ත්‍රිරෝද රථයට ගෙන ආවත් ත්‍රිරෝද රථයට නැගීම ඔජෝ ප්‍රතික්ෂේප කර නැවත කූඩුව දෙසට ගියේ උඩු බුරලමිනි.

“අක්කේ ‘ඕජෝ’ ත්‍රීවීල් එකට නගින්නෑ. පැනල දුවනවා මොකද කරන්නේ” කෞෂල්‍ය අසන්නට විය. මේ වන විට සනුරි තම මල්ලි වූ සමිඳු ඉමල්ක සමඟ ‘ඕජෝ’ ට බේත් ගේන්නට සූදානම් වී හමාරය. සනුරි ඕජෝ සිටි කූඩුව දෙසට ගියත් වෙනදා මෙන් ඕජෝ කූඩුවෙන් එළියට පැමිණ ඉදිරි දෙපා සනුරිගේ ඇඟට තබා කෙළින් සිටගත්තේ නැත. ‘ඕජෝ’ කූඩුවේ වූ කූරු හපමින් අත දමා අල්ලාගත නොහැකි තරම් කොනක ගුළිවී සිටියේය. ඕජෝට එදින අනතුරු සංඥාව කල් තියා ඉවෙන් මෙන් දැනෙමින් තිබුණද මඟ රැක සිටින මරුවා මගහරිමින් කූඩුවට ගුලිවී සිටින ඕජෝගේ අමුතු හැසිරීම පිළිබඳ නිවැසියන්ට නම් වැටහීමක් නොවීය.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි. | Did Death Feel Early Sanuri Isurika

“ඕජෝ’ යං පුතේ බේත් ගන්න. රඹුටන් ගහේ වැදිල කැඩිච්ච කකුල හදන්නනේ අපි යන්නේ. ආයි ඔයාට ඉස්සර වගේ දුවන්න පනින්න පුළුවන් හොඳ වුණාම. ඒ හින්ද හොඳ පුතා වගේ කූඩුවෙන් එළියට එන්න.” ඒත් කූඩුවෙන් එළියට ආවේ ‘ඕජෝ’ නොවේ. අන්තිමට සනුරි කළේ තම සුරතල් බල්ලා වූ ‘ඕජෝ’ වඩාගෙන ත්‍රිරෝද රථයට නැඟීමය. සනුරි බල්ලා සමඟ නැග්ගේ බැසීමට නොහැකි ලෙස වසා ඇති දකුණුපස කොනට වන්නටය. ‘ඕජෝ’ කකුල කැඩී සිටියත් ත්‍රිරෝද රථයෙන් පැන අල්ලපු ගෙදර නාමල්ගේ නිවෙසේ ත්‍රිරෝද රථය වෙත ගොස් ඉව අල්ලන්නට විය.

“මෙන්න ‘ඕජෝ’ මෙහෙ ත්‍රීවීල් එක ගාව. මාත් එක්ක යං කියනවද කොහේද? නාමල් උස්හඬින් කිව්වේ තම ත්‍රීවීලයේ පිටුපස හිඳගෙන සිටි සනුරි සහ මල්ලි සමිඳුටය.” ‘ඕජෝව’ අල්ලගෙන පාර අයිනට ගේන්න අපි පාර අයිනට එන්නම්. සනුරි පැවසුවේ අල්ලපු ගෙදර නාමල්ටය.

“ඊයේ නුවර වෙඩින් එකට ගිහින් මල්ලිට නිදිමතත් ඇති. ඕන්නං මගේ ත්‍රීවීල් එකේ යං.” නාමල් පැවසුවේ රියදුරු අසුනේ උදාරටය.

නාමල් ‘ඕජෝව’ ඔසවා සනුරිගේ උකුළෙන් තැබීය. ඕජෝ පැන ගන්නට උත්සාහ කළත් එවර නම් පැනයන්නට බැරි වුණේ සනුරිත් මල්ලිත් දෙන්නම ‘ඕජෝව’ අල්ලගෙන සිටි නිසාය.

- සිළුමිණ -

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)