අදින් ඇරඹෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය.
Cricket
India
England Cricket Team
New Zealand Cricket Team
ICC World Cup 2023
By Hashini
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද (05) ආරම්භ වනවා.
තරඟාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
මෙහි පළමු තරඟය එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 1975 වසරේ එංගලන්තයේදී ආරම්භ වුණා.
අද ආරම්භ වන්නේ එහි 13 වැනි අදියරයි.
තරඟාවලියේ තරන්ගාවකියේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.
ඉන්දියාවේ ක්‍රීඩාංගණ 10කදී තරඟ පැවැත්වෙනවා.
එංගලන්තයේ හා නවසීලන්තයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව තිබෙනවා.
දෙරට අතර ජාත්‍යන්තර තරඟ 95ක් පවත්වා ඇති අතර, තරඟ 44ක් දෙපිලම ජයග්‍රහණය කර තිබෙනවා.
තවත් තරඟ 3ක් ලකුණු සම වී ඇති අතර, අනෙක් තරඟ 4 තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.
ලෝක කුසලාන පළමු තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.
