2022 අනුමත රජයේ නිවාඩු දින මෙන්න

sinhala news 2022 calender srilanka 2022 calender srilanka holidays 2022 holidays
By Gagana Dec 11, 2021 05:25 AM GMT
Gagana

Gagana

Report

ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු ලෙස හඳුන්වන ප්‍රසිද්ධ නිවාඩුවලින් බහුතරයක් පදනම වී ඇත්තේ බු.ව.29 සිට පැවත එන බෞද්ධ සංස්කෘතික හා සාම්ප්‍රදායික දිනයන්ය.

ශ්‍රී ලංකාවේ නව වසරේ ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස නබිනායක තුමාගේ උපන්දිනය, තෛපොංගල් දිනය, නිදහස් දිනය, මහා ශිවරාත්‍රිය, සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය, කම්කරු දිනය, රාමසාන් දිනය,(උපවාස කාලය අවසානයේ උත්සව ශ්‍රියෙන් සමරයි),හජ්ජි උත්සවය සහ නත්තල් දිනය ඇතුලත්ය.

ජාතික හා ප්‍රාදේශිය උත්සව සැමරිමට , නිවාඩු ලබාගැනීමට අවසර දී තිබේ.

මෙම උත්සව දිනයන් රාජකාරී ප්‍රසිද්ද නිවාඩු දිනයන් ලෙස නොසැළකෙන්නේන්නම් මේ සඳහා නිවාඩු ලබාදීම සේවායෝජකයාගේ අභිමතය පරිදි සිදු වේ.

එමෙන්ම සෑම පසළොස්වක පෝය දිනයක් ම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්ලෙස සලකයි.

ශ්‍රී ලංකාවේ සෑම සේවකයකුටම පසළොස්වක පෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයකි.

වර්ෂයකට පෝය නිවාඩු දින 12ක් ඇත.

යම් සේවකයකු පෝය නිවාඩු දිනයේ වැඩ කිරීම අවශ්‍ය නම් ඔහු හෝ ඇය සාමාන්‍ය දිනකවැටුප මෙන් 1 1/2 කට නොඅඩු දීමනාවකට හිමිකම් ලබයි. මීට අමතරව වැටුප් සහිත වෙනත් උත්සව නිවාඩු දිනයන් සාමාන්‍යයෙන් වර්ෂයකට 16 ක් පමණ වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW


Gallery