2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

By Sewvandhi Dec 10, 2021 12:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (10) වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අද පස්වරුවේ 2022 අයවැය සඳහා තුන්වන වර කියවා, ඡන්දය විමසීමේ අවස්ථාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අවස්ථාවේ දී යි.

එහිදී නව අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 157 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 64 ක්.

ඒ අනුව 2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery