බඳවා ගනු ලබන නව රාජ්‍ය පත්වීම් 2000ක් ගැන දැනුම්දීමක්.

Government Employee Government Of Sri Lanka
By Wayomi Feb 27, 2024 05:58 AM GMT
Wayomi

Wayomi

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා.

ඒ, අනුව සුදුසුකම් ලැබූවන් 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති අතර ඉන් ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත.

මේ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ.

දීර්ඝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් මේ වන විට පුරප්පාඩු මතුව ඇති අතර රාජකාරී සිදු කළ පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇතැයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


ReeCha