බරපතළ චෝදනා සමඟ අධිකරණ සේවයේ ප්‍රබලයෝ 20ක් සේවයෙන් නෙරපයි

Report

අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරින් 20 දෙනෙකු තම රාජකාරීවලින් ඉවත්කර ඇති බවට ආරංචි මාර්ග පල වේ.

ඒ අතර එක් මහාධිකරණ විනිසුරුවරයකු මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි පෙන්වා දෙයි.

එසේම මෙසේ රාජකාරීවලින් ඉවත් කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර තිබෙන බවත් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ පරික්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග දන්වා සිටියි.

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

එසේම අධිකරණ සේවයේ සිටින්නන් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසුව අඳාළ පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එල්ල වූ චෝදනාවලට වරදකරු වූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටි නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළ බව ද ආරංචි මාර්ග දන්වා ඇත.

මේ අතර දුෂණ වැනි බරපතළ චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පසු භාර දී පරීක්ෂණ පවත්වා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පරීක්ෂණයකින් අනතුරුව චෝදනාවලට වරදකරු වන්නන් ඇගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ ඇති බවද ආරංචි මාර්ග දන්වයි.

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා