බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 18ක්
නංගල්ල පොලිසිය විසින් අද (30) සිදු කළ විශේෂ මෙහෙයුමකදී, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 18ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නංගල්ල කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
මෙම ජාවාරම්කරුවන් ටිපර් රථවල ටේලර් කොටසේ උස ප්‍රමාණය සූක්ෂම ලෙස වෙනස් කර, නියමිත ධාරිතාවට වඩා වැඩි වැලි ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.