ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සහ කරුණු දැක්වීම් මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මෙම සිදුවීම පිළිබඳව රජයේ පාර්ශවයෙන් විශේෂ ප්‍රකාශයක් ලබන මස 5 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත අතර, එය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, අදාළ මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු උසස් නිලධාරීන්ට අද (30) පස්වරු 1.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටින ලෙස එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා දැනුම් දී තිබේ.
භාණ්ඩාගාර ලේකම්වරයා මීට පෙර පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට වාර්තා පළ වුවද, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කළේ ලේකම්වරයා කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි.