''භාණ්ඩාගාර ලේකම්වරයා අද පැමිණෙන බව මා දන්නේ නැහැ'' - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති

Report

භාණ්ඩාගාරයෙන් සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් සොරකම සම්බන්ධයෙන් අද (30) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ  රැස්වීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් ලැබී නොතිබූ බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද කමිටුව හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු නිල දැනුම්දීමක් නොලැබුණු බවයි.

කෙසේ වෙතත්, සැලසුම් කළ පරිදි කමිටු රැස්වීම පැවැත්වෙන බව ලිඛිතව දැනුම් දී තිබුණද, අද දිනයේ පැමිණ තවත් දිනයක් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බවද ඔහු සඳහන් කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාදීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද පස්වරු 1.00ට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටියහ.

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

එමෙන්ම, විදේශ ණය ආපසු ගෙවීමක් සම්බන්ධ සැක සහිත විද්‍යුත් තැපැල් වංචාවක් හරහා භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයකට හරවා යැවී ඇති බවට එම විමර්ශනයේදී හෙළිව ඇති අතර, එය ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයකට සමාන ව්‍යාජ සන්නිවේදනයක් භාවිතා කර සිදුකර ඇති බවද වාර්තා වේ. මෙම සිද්ධිය පිළිබඳව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව කමිටුව අද පස්වරුවේ වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිතය. 

මැයි දිනයට රට පුරා දේශපාලන රැලි රැල්ලක්

මැයි දිනයට රට පුරා දේශපාලන රැලි රැල්ලක්