නුවරඑළියේ සංචාරයට ගිය පාසල් සිසුන් 17ක් රෝහලේ

Report

අඹේවෙල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පාසල් ළමුන් පිරිසක් හදිසියේ රෝගාතුර වීම නිසා ළමුන් 25 දෙනකු පෙරේදා (02 දා) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. 

පොලොන්නරුව හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල පාසල් ළමුන් 75 දෙනකු, ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් දුම්රියෙන් ඉකුත්දා අඹේවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ මීපිලිමාන ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පළක නතර වී ඇත.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

එම සිසුන් පිරිස රැගෙන ආ දිවා ආහාරය ප්‍රමාද වී අනුභව කර ඇති බවත්, එදින රාත්‍රියේ කඳපොළ ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලකින් ලබාගත් ආහාර අනුභව කිරීමෙන් පසු පෙරේදා (02 දා) උදෑසන ළමුන් 25 දෙනකු ක්ලාන්තය, වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහල්ගත කළ සිසු සිසුවියන්ගෙන් 25 දෙනාගෙන් 08 දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගිය බවත්,තවත් සිසු සිසුවියන් 17 දෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා කියයි.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව