දරාගන්න බැරි දුකට චිත්‍ර ඇඳලා.. සිසුන් 17ක්.. මත්පැන් පොවා සමූහ දූෂණය කළ පාසල් දැරිය ගැන නොහිතපු තොරතුරු රැසක් එළියට..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By krishani Aug 13, 2024 01:38 AM GMT
krishani

krishani

Report

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකාවම කම්පා කළ පුවතක් වාර්තා විය.

බාර් මෙන්න මේ දවස වෙනකම් වැසෙයි.. මත්පැන් ලෝලොන්ට හීන් දාඩිය දාන එම ආරංචිය මෙන්න..

බාර් මෙන්න මේ දවස වෙනකම් වැසෙයි.. මත්පැන් ලෝලොන්ට හීන් දාඩිය දාන එම ආරංචිය මෙන්න..


ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (12) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඉන් පසුව සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙස නියෝග කර තිබෙනවා.

එයට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම සිසුවියක් එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.

අද නම් ලේසි වෙන් නෑ.. ලොකුවටම වෙන්න යන දෙය මෙන්න..

අද නම් ලේසි වෙන් නෑ.. ලොකුවටම වෙන්න යන දෙය මෙන්න..


මෙම දැරියව එම සිසුවා විසින් මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇය දූෂණය කළ බව වාර්තා වේ.

පසුව එම නිවෙසේ සිටි තවත් සිසුන් පිරිසක් මෙම දැරිය දූෂණය කර එය වීඩියෝගත කර තිබෙනවා.

සැකකාර සිසුන් එම වීඩියෝව දැරියට පෙන්වා බිය ගන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17 ක් වේ.

එහි ආසන්නතම සිදුවීම පසුගිය දිනක සිදුව තිබුණේ කිරිඳිඔය අසල දී ය.

එහිදී සිසුන් 7 දෙනක් මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබෙනවා.

මෙම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණ වී ඇත.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..


ඔවුන් මෙම සිසුවිය හා එම සිසුන්ද ගෙන්වා කරුණු විමසා සිද්ධිය යටපත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඒ පාසලට කැළලක් විය හැකියැයි බව පවසමින් ය.

තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක්ද සැකකරුවන් අතර සිටින බව සඳහන් වේ.

එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වේ.

එම සිසුවිය ඇයට සිදුවූ මෙම අපරාධය සහ හිංසන සිසුන්ගේ තර්ජන මැද කිසිවකුටත් පවසා නැත.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


ඒ හේතුවෙන් ඇය එම මානසික පීඩනය පිළිබඳ සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇද තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම පිළිබඳ තොරතුරක් ලද තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන විමර්ශනයක් අරඹා ඇත.

ඒ අනුව දැරිය පවසා ඇත්තේ, එම සිසුන් පාසලේ වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා තමා දූෂණය කළ බව ය.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සැකකාර සිසුන් 17දෙනා සහ මීට අනුබල දුන් කාන්තාවක්ද පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත්තේ ය.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


ඒ අනුව ඔවුන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරිණ.

මේ අතර, අපයෝජනය වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බවට ඇගේ මව චෝදනා කළා ය.

කෙසේ වෙතත්, ඒ අනුව දැරියගේ මව මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබෙනවා.

ReeCha