ගොවි විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක්

Report

රජය විසින් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විශේෂ සහනයක් ලබාදීම සඳහා විශේෂ පියවරක් ගෙන තිබෙනවා.

මෙම යෝජනා ක්‍රමය 1987 වසරේ ආරම්භ වූ අතර මෙතෙක් ගොවීන් 871,425ක් දායක වී ඇති අතර, ඔවුන්ගෙන් 178,927ක් දැනටමත් තැපැල් කාර්යාල 3,989ක් හරහා මාසික විශ්‍රාම වැටුප් ලබා ගන්නා බව සඳහන්.

2012-2013 කාලය තුළ විශ්‍රාම වැටුප් අරමුදලට ඇති වූ බලපෑම හේතුවෙන්, විශ්‍රාම වැටුප ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට වූ අතර එම නිසා බොහෝ දෙනෙකුට වාරික ගෙවීමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වුණා.

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට නියමිත වාරික 05ක් නොගෙවීම හේතුවෙන් 75% කට වැඩි වාරික ගෙවා තිබුණද විශ්‍රාම වැටුප් හිමිකම් අහිමි වූ ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදු වී තිබෙනවා.

වත්මන් රජය විසින් මෙම අසාධාරණය නිවැරදි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත විශේෂ යෝජනාවක් යොමුකරනු ලැබුවා.

75% හෝ ට වැඩි වාරික මුදලක් ගෙවා ඇති ගොවීන්ට, ගෙවූ මුදලට ගැලපෙන ප්‍රතිශතයක විශ්‍රාම වැටුපක් මෙම මස සිට ලබාදීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ ඒ අනුවයි. 

ටිපර් රථයකට පොලිසිය වෙඩි තබයි

ටිපර් රථයකට පොලිසිය වෙඩි තබයි