පැය 18ක විදුලි කප්පාදුවක්..

Pakistan
By krishani May 02, 2022 09:37 AM GMT
krishani

krishani

Report

පාකිස්ථානයේ උග්‍ර බලශක්ති අර්බුදයක් හටගෙන ඇති බැවින් එරට තුළ දිනකට පැය 16කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවකට එරට බලධාරින් අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දියාවට බලපා ඇති දැඩි උණුසුම් දේශගුණික තත්ත්වය ද පාකිස්ථානයේ මිනිස් ජීවිත අර්බුදකාරී කිරීමට මුල් වී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා එනම් 28 වැනිදා දිගු කාලීන විදුලි කප්පාදුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජන ජීවිතය සහ ව්‍යාපාර කඩාකප්පල් පසුබිමකට ඇද වැටුණු අතර  නාගරික මධ්‍යස්ථානයන්හි පැය 6 සිට 10 දක්වා මෙම විදුලිය ඇනහිටීම සිදු වූ අතර, ග්‍රාමීය ප්‍රදේශවල දිනකට ආසන්න වශයෙන් පැය 18 ක විදුලිය ඇනහිටීම්වලට ගොදුරු වූ බව ඩෝන් පුවත්පත වාර්තා කළා. 

"උෂ්ණත්වය වැඩි වීමත් සමඟ සම්පූර්ණ හිඟය මෙගාවොට් 7,000 ත් 8,000 ත් අතර පරාසයක පවතින අතර ඉදිරි දිනවලදී උණුසුම් හා වියළි කාලගුණය පැවතියහොත් එය තවදුරටත් ඉහළ යා හැක" යනුවෙන් විදුලිබල නිලධාරියෙකු උපුටා දක්වමින් ඩෝන් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join