අවසන් ජන රැලිවලට බස්රථ 1500ක්. - රුපියල් කෝටි 200ක්. - කවුද ගෙන්වන්නේ කියලා දන්නවද?
Sri Lanka
Srilanka Bus
Sri Lanka Presidential Election 2024
By Wayomi
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා.
ඒ, අනුව එලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
අද (18) දිනයේ දී ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අතර ඊට අදාලව පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේවන විට ඉල්ලුම් කර තිබෙනවා.