ඉරානයේ කර්මාන්තශාලාවකට ප්‍රහාරයක් - 15ක් ජීවිතක්ෂයට පිරිසක් රෝහලේ

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශීතකරණ සහ තාපක නිෂ්පාදනය කරන සිවිල් කර්මාන්තශාලාවකි. යුද්ධය ආරම්භ වූ දා සිට ඉස්ෆහන් නගරය මෙම ප්‍රහාරක මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානයක් වී ඇත.

කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

එය රට මැද පිහිටා ඇති ඉතා වැදගත් නගරයක් වන අතර, එහි හමුදාමය සහ සිවිල් යන අංශ දෙකටම අයත් කර්මාන්තශාලා මෙන්ම ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටා ඇත.

මීට අමතරව ටෙහෙරාන්, තබ්‍රීස්, බන්ඩර් අබ්බාස් සහ කර්මන් පළාතේ සීර්ජාන් යන නගරවලට ද ප්‍රහාර එල්ල විය. 

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ