ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී ඇත.
මෙම දිනයේ මෙම 2026 වසරේ ප්‍රධාන තේමාව වී ඇත්තේ “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්නයි.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින් 1962 වසරේ මාර්තු මස 15 වන දින පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අදහස ලෝකයට හඳුන්වා දී තිබේ .
ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතමින් පාරිභෝගිකයාට හිමි මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රථම වරට නිල වශයෙන් අදහස් පළ කළ කර ඇත .
ඉන්පසුව පසුව 1983 වසරේ සිට ‘කන්සියුමර් ඉන්ටර්නැෂනල්‘ සංවිධානය විසින් මෙම දිනය ජාත්‍යන්තරව සමරනු ලබයි.
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන නීතිය වන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතිනි.
මෙම පනත මගින් භාණ්ඩවල ගුණාත්මකභාවය, වගකීම් සහතික, මිල ප්‍රදර්ශනය කිරීම සහ අසාධාරණ වෙළඳ සිරිත් තහනම් කිරීම වැනි කරුණු නීතිමය වශයෙන් ආරක්ෂා කර තිබේ.
ඒ අනුව භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමකින් ඔබ අගතියටපත්ව පත්වූ විට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට හෝ පාරිභෝගික අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කිරීමේ හැකියාව තිබේ .
මෙහි අරමුණ වන්නේ පාරිභෝගික අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීමයි.
බොහෝ මිනිසුන් පාරිභෝගිකයන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන නොදනී.
එබැවින් මෙම දිනය සැමරීම මගින් වෙළඳපොලේ වංචනික ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා වීමට ඇති අයිතිය පිළිබඳව දැනුවත් කරනු ලබයි .