කුසට ආහාරයක් නොමැතිව, බඩගින්නෙම පුද්ගලයන් 1,400ක් මියගිය සංවේදී පුවතක්.

By krishani Aug 19, 2023 06:57 AM GMT
Report

කුසගින්නෙන් ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රදේශයේ පුද්ගලයන් 1,400ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයට ප්‍රධාන හේතුව වන්නේ ආහාර ආධාර සොරකම් කිරීම හේතුවෙන් ආධාර සපයන ආයතනයන් ආහාර ලබාදීම් නතර කිරීමයි.

එම ආධාර ආයතනවල ලාංඡන සහිතව ආහාර වෙළඳපොළවල තිබී ඇති අතර  පසුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන්, එක්සත් ජාතින්ගේ ප්‍රධානම ආහාර ඒජන්සිය මාස 4කට පමණ පෙර ආහාර ආධාර ලබාදීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මේ අතර 500කට ආසන්න ප්‍රමාණයක් මෙම ආහාර සොරකමට සම්බන්ධ බව විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, නතර කළ ආහාර ආධාර ලබාදීම් නැවත කඩිනමින් ආරම්භ කරන බව ලෝක ආහාර සංවිධානයේ නිලධාරීන් සඳහන් කර ඇත.