ගුවන් අනතුරකින් 14 දෙනෙකු මරුට.
By Hashini
බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි.
අනතුර සිදුව ඇත්තේ, අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට ගොඩබැස්වීමට උත්සහ කිරීමේදීය.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනායි.
බ්‍රසීල බලධාරීන් සඳහන් කළේ මේ වන විට අනතුර පිළිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.