ත්‍රීරෝද රථ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් - දැන්ම කියවන්න

Report

මොරගහතැන්න පොලිසිය පවසන්නේ, ත්‍රිරෝද රථයක් කොල්ලකෑමට ලක්වීම හා එහි රියදුරාට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

ප්‍රහාරයට ලක් වූ රියදුරුගේ පැවසීම අනුව, ඔහු සතු රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන 2ක්, සහ රථයේ ලියකියවිලිත් සමඟම ත්‍රිරෝද රථයද කොල්ල කන ලදී.

සිද්ධියට ආසන්නව, දරුවෙකු වදින කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු රාත්‍රී 9ට පමණ කොට්ටාව නගරයෙන් ත්‍රිරෝද රථය බාරගෙන තලගල ප්‍රදේශයට යාමට ඉල්ලීමක් කළ බවයි රියදුරා පවසා ඇත්තේ.

ඊශ්‍රායලයෙන් නැවතත් ප්‍රහාර - හමුදා මූලස්ථාන වලට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් නැවතත් ප්‍රහාර - හමුදා මූලස්ථාන වලට ගුවන් ප්‍රහාර

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අතරකින් එක් අයෙකු තම පසුපස සිට තම ඇස් වසා දමා මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයක් මූණට ආලේප කළ බවත්, පසුව ඔහු රථයෙන් ඉවතට තල්ලු කළ බවත්ය.

මොරගහතැන්න පොලිසිය මේ වනවිට සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිසිය තවදුරටත් අවධාරණය කරන්නේ, මේ වර්ගයේ කොල්ලකෑම් වාරෙන් වාරට සිදුවන බැවින්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී කුලී ත්‍රිරෝද රථ රියදුරන් වහාම සැලකිලිමත් විය යුතු බවයි.