රජයේ මෙතෙක් ස්වේච්ඡාවෙන් වැඩකළ මේ සේවකයන්ට ස්ථිර පත්වීම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136 දෙනෙකු දෙපාර්තමේන්තුගත ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ස්ථිර පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබේ.
පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබන 23 වැනිදා ප්රදානය කරන බවයි. එම පත්වීම් ප්රදානෝත්සවය පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ රැකියා සුරක්ෂිතතා ගැටලුව විසඳීම සඳහා වත්මන් පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කඩිනම් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ස්ථිර පත්වීම් ලබා දීම සිදු කෙරේ.