යේමන මුහුදේ යාත්‍රාවක් අනතුරට ලක් වී 13ක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Aug 25, 2024 04:44 PM GMT
Report

යේමන මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරින් තවත් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

දියේ ගිලී PHI දෙදෙනෙක් දිවියෙන් සමු ගනී...

දියේ ගිලී PHI දෙදෙනෙක් දිවියෙන් සමු ගනී...

කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ 27 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 25 දෙනෙකු ඉතියෝපියානු ජාතිකයින් වන බව සඳහන් වේ.

යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.