දියේ ගිලී PHI දෙදෙනෙක් දිවියෙන් සමු ගනී...

Report

අද (25) පෙරවරුවේ කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු මෙම දියවලෙහි දියනෑමට ගොස් ඇති අතර, ඒ අතරින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලී මෙලෙස ජිවිතක්ෂයට පත් ව ඇත.

මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

හෙට (26) දිනයේදී දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත ය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉත්තෑපාන පොලීසිය විසින් සිදුකරනු ඇත.