විදුලි කප්පාදුව නිසා 11 වසර සිසුවියකට දිවි අහිමි කළ සිදුවීම...

Power cut Sri Lanka Power Cut Today Death Penalty
By Sithumi May 05, 2022 02:40 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් මිය ගොස් ඇතයි පොලීසිය පවසයි. ජේ. 247 පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ රාත්‍රී විදුලිය විසන්ධි වීමෙන් පසුව අදාල සිසුවිය සිය නිවසේ කාමරයේ ලාම්පු එලියෙන් පාඩම්කරමින් සිට ඇත

. යාබද කාමරයේ සිසුවිය මව සහ පියාද සිට ඇති අතර එකවරම් සිසුවිය ගිනිගන්නා බවටත් බේරාගන්නා ලෙසත් කෑ ගසා ඇතත් ඒ වන විටත් ගින්න නිවා දැමීමට නොහැකි තරම් ඇවිලීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න නිවා දමා සිසුවිය කාමරයෙන් පිටතට ගනු ලැබීය.

ඒ වන විටත් දැඩි ලෙස පිලිසුම් තුවාල ලබා සිටි සිසුවිය සංගානෙයි රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විටත් සිසුවිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත. මෙලෙස ගිනිගැනීමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ සුදර්සන් සදුර්සිකා නැමති සිසුවියකි. මිය ගිය සිසුවියගේ කාමරයේ ඇති වූ ගින්නට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිසුවියගේ දෙමාපියන්ගේ තොරතුරු වලට අනුව පාඩම් කරමින් සිටි ලාම්පුව පෙරලීමෙන් පළමුව ගිනිගෙන ඇති බවටත් දැරිය දැගලීමෙන් පසුව සිසුවියගේ පියා විසින් පසු ප්‍රයෝජනය සඳහා තබා තිබූ පෙට්‍රල් කෑන් එක පෙරලී සිරුරටම ගිනිගෙන ගින්න ව්‍යාපත් වූ බවට සැකයක් පවතින බවටත්ය.

මිය ගිය සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් සංගානෙයි රෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්සණ කටයුතු ඉලවාලෙයි පොලීසිය සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now